උසස් පෙළට හදුන්වා දෙන ලද නවතම විෂය ධාරාව ලෙස තාක්ෂණ විෂය ධාරාව හැදින්විය හැක. ඒ අනුව මෙතෙන් තිබූ විෂය ධාරාවලට අමතරව, තාක්ෂණවේදය නමින් නව විෂය ධාරාව එක්කර ඇත.
මෙහිදී තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂය අනිවාර්යය වන අතර, ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව තාක්ෂණවේදය යන විෂයන් දෙකෙන් එකක් හා, තුන්වන කාණ්ඩයේ ඇති විෂයන් 10න් එකක් තෝරාගැනීමට සිසුන්ට සිදුවේ.
මෙම විස්අය ධාරාව යටතේ දිවයින පුරා පාසල් 700 කට අධික ප්‍රමාණයක අධ්‍යන කටයුතු සිදුකිරීමට අනාගතයේදී සිසුන්ට හැකියාව ලැබෙනු ඇත.
2015 වසරේ පළමු වරට සිසුන් විභාගයට පෙනී සිටි අතර, එහිදී ලකුණු 75 ක ලිඛිත ප්‍රශ්ණ පත්‍රයකට හා ලකුණු 25ක ප්‍රායෝගික පරීක්ෂණයකට පෙනී සිටීමට සිසුන්ට සිදුවිය.
මෙහිදී, තුන්වන කාණ්ඩය සදහා විෂයක් තෝරාගැනීමට සිසුන්ට ලබාදී ඇති විෂයන් වන්නේ ිද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, චිත්‍ර කලා, කෘෂි විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන් වේ
මෙහිදී උසස් පෙල සමත් වීම පමණක්, සිසුවාට NVQ3 සහතිකය ලබා ගැනීමට ප්‍රමාණවත් වීමද මෙම විෂය ධාරාවේ ඇති තවත් එක් විශේෂත්වයකි.
|
No comments:
Post a Comment